සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි
2023-08-25 14:17:34
Share with:

නියඟය හේතුවෙන් අක්කර 75,000ක පමණ ගොවිබිම් විනාශ වී තිබුණ ද නියඟය නොමැති පළාත්වල අස්වැන්න ඉතා ඉහළ බැවින් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම සහ එහි අභියෝග යන මැයෙන් ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අංශය ජනාධිපති කාර්යාලයේ දී සංවිධානය කර තිබූ විද්වත් හමුවකට එක්වෙමිනි.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, අද වනවිට වී වගා කරන ලද අක්කර 53,774කට හානි වී ඇති බවයි.

සෙසු බෝග හානි සිදුවූ භූමි ප්‍රමාණය අක්කර 445ක් බව සඳහන්ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම