මැණික් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 02ක වාර්ෂික ආදායම් ඉලක්කයක්
2023-08-25 14:16:17
Share with:

මැණික් අපනයනය කිරීම තුළින් 2025 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 02ක වාර්ෂික ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහා ප්‍රධාන විධායක නිලධාරී විරාජ් ද සිල්වා මහතා පවසයි.

මෙ වසරේ ගත වූ මුල් මාස 7 තුළ පමණක් මැණික් අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 312ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවත්, මේ වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ඩොලර් බිලියන 02ක ඉලක්කය සපුරා ගැනීමට ප්‍රධාන බාධකය වී ඇති නීතිවිරෝධී ලෙස මැණික් රටින් පිට කිරීම නැවැත්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම