සංවර්ධිත අප්‍රිකාවක් වෙනුවෙන් චීන ජනපතිගෙන් යෝජනා තුනක්
2023-08-25 09:32:36
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති Matamela Cyril Ramaphosa මහතා චීන-අප්‍රිකා නායකයින්ගේ සංවාදයේ සම සභාපතිත්වය දරයි. එම සංවාදය ඊයේ (24) දකුණු අප්‍රිකාවේ Johannesburg හිදී පැවැත්විණ. අප්‍රිකානු සංගමයේ වාරික සභාපති සහ කොමරොස් ජනාධිපති Azali Assoumani මහතා, චීන-අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සංසදයේ අප්‍රිකානු සම සභාපති සහ සෙනගල් ජනාධිපති Macky Sall මහතා යනාදී විවිධ අප්‍රිකානු රටවල රාජ්‍ය නායකයන් මෙම සංවාදයට සහභාගී වූහ.

එහිදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා "නවීකරණ ව්‍යායාම ප්‍රවර්ධනයට එක්ව කටයුතු කිරීමෙන් චීනය සහ අප්‍රිකාව සඳහා දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම" යන මැයෙන් ප්‍රධාන දේශනය පැවැත්වීය. එසේම, මීළඟ අදියරේදී චීන-අප්‍රිකා ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සහ අප්‍රිකාවේ ඒකීයකරණයට සහ නවීකරණයට උපකාර කිරීමට හෙතෙම පියවර තුනක් ඉදිරිපත් කර ඇත.

එම පියවර අතර පළමුවැන්න වන්නේ "අප්‍රිකාවේ කාර්මීකරණයට සහය දැක්වීමේ මුලපිරීමට" චීනය කැමැත්තෙන් සිටින බවයි. චීනයේ සම්පත් සහ ව්‍යවසායන්හි අවධානය අප්‍රිකාව වෙත යොමු කර, අප්‍රිකාවේ නිෂ්පාදන කර්මාන්තයේ දියුණුවට සහය වන අතර කාර්මීකරණය සහ ආර්ථික විවිධාංගීකරණය සාක්ෂාත් කිරීමට එමගින් අපේක්ෂා කෙරේ.

දෙවැන්න නම් "චීනයේ සහය ඇති අප්‍රිකානු කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම" ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව චීනය අප්‍රිකාවේ ආහාර බෝග වගාව ව්‍යාප්ත කිරීමටත්, අප්‍රිකාවේ කෘෂිකර්මාන්තයේ ආයෝජන ප්‍රමාණය වැඩි කිරීමට චීන ව්‍යවසායන් දිරිමත් කිරීමටත්, බීජ කර්මාන්තය වැනි අංශවල කෘෂිකාර්මික විද්‍යාව හා තාක්‍ෂණයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහය වීමටත් චීනය බලාපොරොත්තු වේ.

තෙවැන්න නම් "චීන-අප්‍රිකා කුසලතා පුහුණු සහයෝගිතා සැලැස්ම" ක්‍රියාත්මක කිරීමට චීනය කැමැත්තෙන් සිටීමයි.

ඒ අතර "චීන-අප්‍රිකා නායකයින්ගේ සංවාදයේ ඒකාබද්ධ ප්‍රකාශය" එම සංවාදයේදී සම්මත කර නිකුත් කර ඇත. එමෙන්ම චීනය "අප්‍රිකාවේ කාර්මීකරණයට සහය දැක්වීමේ මුලපිරීම", "චීනයේ සහය ඇති අප්‍රිකානු කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම" සහ "චීන-අප්‍රිකා කුසලතා පුහුණු සහයෝගිතා සැලැස්ම" ද එහිදී ප්‍රකාශයට පත් විය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම