න්‍යෂ්ටික අපජලය මුදාහැරීමට ජපානය ගත් අත්තනෝමතික තීරණයට ජගත් ප්‍රජාවේ දැඩි විරෝධය
2023-08-24 14:03:27
Share with:

ජපානය ෆුකුෂිමා බලාගාරයේ න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම සම්බන්ධයෙන් ජගත් ප්‍රජාව දැඩි විරෝධය පළ කරයි.

ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම අද (24)  සිදුකරන බව ජපාන රජය පසුගිය 22 වැනිදා නිවේදනය කළේය. ජපානයේ එම තීරණය ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි විවේචනයට හා විරෝධයට ලක්ව ඇත. මෙම ක්‍රියාව අතිශයින්ම වගකීම් විරහිත හා හානිකර ක්‍රියාවක් ලෙසට හඳුන්වන රටවල් රැසක ජනතාව සහ මාධ්‍ය, අපජලය මුහුදට මුදා හැරීමේ තීරණය වහාම ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටී.

දකුණු කොරියානු සිවිල් කණ්ඩායම් රැසක් සහ එරට විශාලතම විපක්ෂය වන පොදු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එරට ජපාන තානාපති කාර්යාලය ඉදිරිපිට හදිසි මාධ්‍ය හමුවක් පවත්වමින් න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම සඳහා ජපාන රජය ගත් තීරණයට විරෝධය පළ කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් පිලිපීනයේ "Asian Century" උපායමාර්ගික පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Anna Malindog-Uy මහත්මිය පැවසුවේ, න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමට ජපානය ගත් ඒකපාර්ශ්වික තීරණය, ජාත්‍යන්තර පාරිසරික ආරක්ෂණ නීති හා රෙගුලාසි නොසලකා හැරීමක් බවයි. ජපාන රජය අසල්වැසි රටවල ඉල්ලීම් සලකා මෙම තීරණය ඉවත් කර ගත යුතු බව  ද ඇය කියාසිටී.

ජපානයේ එම ක්‍රියාවට එරෙහි ව ශාන්තිකර කලාපය දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව වනුවාටු නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Matai Seremaiah මහතා ඊයේ (23) ප්‍රකාශ කළේය.

එහෙත් බොහෝ පාර්ශ්වයන්ගේ විරෝධය නොතකා, අද (24) ජපාන වේලාවෙන් 13:00 ට ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම ආරම්භ කෙරිණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම