චීන ජනපති වෙන් වෙන්ව කොංගෝ ජනරජයේ ජනපති හා ටැන්සානියා ජනාධිපතිනිය හමු වෙයි
2023-08-24 20:01:29
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (24) පෙරවරුවේ දකුණු අප්‍රිකාවේ Johannesburg නගරයේදී කොංගෝ ජනරජයේ ජනාධිපති Denis Sassou Nguesso මහතා හමු විය.

චීනයේ මූලික අවශ්‍යතා සම්බන්ධ ගැටළු  පිළිබඳ චීනයට දක්වන ස්ථිර සහායට  චීනය කොංගෝවට ස්තුතිය පළ කරන බව ෂී ජින් පිං මහතා එම හමුවේදී පැවසීය. ජාතික ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටත්, බාහිර මැදිහත්වීම් වැළැක්වීමටත්, ජාත්‍යන්තර හා කලාපීය කටයුතුවල වඩා වැඩි කාර්යභාරයක් ඉටු කිරීමටත් චීනය අඛණ්ඩව කොංගෝ ජනරජයට ස්ථීර සහාය දෙනු ඇති බව ද හෙතෙම සඳහන් ‍කළේය.

කොංගෝ ජනරජයේ ජාතික ඉදිකිරීම් ව්‍යාපෘති රාශියක් චීන සමාගම්වල සහාය යටතේ සිදු කෙරෙන බව Denis Sassou Nguesso මහතා එහිදී කීය. චීනය සමඟ මිත්‍රත්වය සහ සහයෝගීතාවය තම රටේ සංවර්ධනයට වැදගත් සාධකයක් බව ද හෙතෙම අවධාරණය කළේය. චීනය සමඟ ජාත්‍යන්තර කටයුතුවල සන්නිවේදනය ගැඹුරු කරමින් සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රතිලාභ ආරක්ෂා කිරීමට කොංගෝ ජනරජය කැමැත්තෙන් පසු වන බව Denis Sassou Nguesso මහතා එහදී පෙන්වා දුන්නේය.

අද (24) පෙරවරුවේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Johannesburg නගරයේදී ටැන්සානියාවේ ජනාධිපතිනි Samia Suluhu Hassan මහත්මිය ද හමු වී තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම