චීන මාධ්‍ය සමූහය සහ දකුණු අප්‍රිකා ගුවන්විදුලි සංස්ථාව අතර නව සහයෝගීතාවක්
2023-08-24 10:28:22
Share with:

චීන මාධ්‍ය සමූහය දකුණු අප්‍රිකා ගුවන්විදුලි සංස්ථාව සමග වාර්තා චිත්‍රපට මාලාවක් ඒකාබද්ධව නිෂ්පාදනය කිරීමට සැලසුම් කරන බව පවසති. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයන්ගේ 15වැනි හමුවට සහ දකුණු අප්‍රිකාවේ සිදු කරන නිල සංචාරයට සමගාමීව මෙම එකඟතාවට එළඹිණ. එහි සමාරම්භක උත්සවය ඊයේ (23) දකුණු අප්‍රිකාවේ Johannesburg හිදී පැවැත්විණ.

" චීන-දකුණු අප්‍රිකා මිත්‍රත්ව සහයෝගීතාව පිළිබඳ 25 වසරක වාර්තාකරණය" නම් වාර්තා චිත්‍රපට මාලාවක් ඒකාබද්ධව නිෂ්පාදනය කිරීමට චීන මාධ්‍ය සමූහය සහ දකුණු අප්‍රිකානු ගුවන්විදුලි සංස්ථාව සූදානම් බව මෙහිදී නිල වශයෙන් ප්‍රකාශ කෙරිණ. එම වාර්තා චිත්‍රපට මාලාව චීන-දකුණු අප්‍රිකා මිත්‍රශීලී සබඳතාවයේ හරය නිරූපනය කරන අතර ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු චීන-දකුණු අප්‍රිකා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් එක්ව ගොඩනැගීමේ සුන්දර ඉදිරි දැක්ම ද පිළිබිඹු කරනු ඇත.


චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ දකුණු අප්‍රිකානු ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධාන විධායකවරයාගේ නියෝජිත, ප්‍රධාන මුල්‍ය අධ්‍යක්ෂ Yolande van Biljon මහත්මිය සමග එක්ව එම වාර්තා චිත්‍රපට නිෂ්පාදනය ආරම්භ කරමින් අදාළ ගිවිසුම් හවුමාරු කර ගත්හ.

මෙම වසරට ෂී ජින්පිං මහතා විසින් ඉදිරිපත් කළ ‘එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ’ පොදුවේ ගොඩනැගීමේ 10 වන සංවත්සරය යෙදී ඇත. එමෙන්ම චීනය සහ දකුණු අප්‍රිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත වීමේ 25 වන සංවත්සරය ද යෙදී තිබෙන බව Shen Haixiong මහතා එහිදී සඳහන් කළේය. එම සැමරුම් අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් දෙපාර්ශ්වයම පූර්ණ සහ අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගත හැකි සහයෝගීතාවේ නව ආකෘතියක් වෙත ප්‍රවේශ වී දෙරටේ ජනතාව අතර මිත්‍රශීලී හැඟීම් තහවුරු කළ යුතුය. එමෙන්ම ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ලක්ෂණ සෙවීම ප්‍රවර්ධනය සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බවද හෙතෙම ප්‍රකාශ කර ඇත. 


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම