පදනම් විරහිත චෝදනාවන්ට එරෙහිව චීනය කියුබාවට අඛණ්ඩ සහාය ලබා දෙන බව චීන ජනපති පවසයි
2023-08-24 09:24:43
Share with:

ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සහ බාහිර අතපෙවීම් සහ අවහිර කිරීම්වලට එරෙහිව චීනය කියුබාවට අඛණ්ඩව සහාය දෙන බව චීන ජනපති ෂී ජින්පිං මහතා කියා සිටී. 15 වැනි බ්‍රික්ස් සමුළුවට සමගාමීව කියුබානු ජනාධිපති Miguel Diaz-Canel මහතා හමු වූ අවස්ථාවේදී හෙතෙම ඊයේ(23) මේ බව පැවසීය.

එම හමුවේදී නව යුගයේ චීන-කියුබානු සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට සහ හවුල් අනාගතයක් සහිත චීන-කියුබා ප්‍රජාවක් ගොඩනැඟීම සඳහා එක්ව කටයුතු කිරීමට පුළුල් එකඟතාවකට පැමිණ තිබේ. 77 කණ්ඩායම සහ චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගීතාවය සඳහා වැදගත් වේදිකාවකි. උපායමාර්ගික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ දෙරට අතර විශේෂ මිත්‍ර සබඳතාවයේ ප්‍රගතිය ඉදිරියට ගෙන යාම සඳහා කියුබාව සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව ෂී ජින්පිං මහතා පැවසීය.

කියුබානු ජනාධිපති Miguel Diaz-Canel මහතා පැවසුවේ වත්මන් කියුබානු-චීන සබඳතා ඓතිහාසික වශයෙන් ඉහළ තලයක පවතින බවයි. කියුබාවේ සාධාරණ අරමුණු සඳහා චීනය ලබා දෙන සහයෝගය පිළිබඳව කියුබානු ජනතාව චීන ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වන බව ද හෙතෙම සඳහන් කළේය.

77 කණ්ඩායමේ සහ චීන සමුළුවේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා කැරිබියන් රට චීනය සමග සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ද Miguel Diaz මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම