දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට ජාතික උපදේශක කමිටුවක්
2023-08-24 18:43:31
Share with:

දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට ජාතික උපදේශක කමිටුවක් පත් කෙරේ.

එම උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ශ්‍රී ලංකාවේ මුලපිරීම්වල ප්‍රගතිය සමාලෝචනයට ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙම කමිටුව අවම වශයෙන් මාස 06කට වරක්වත් රැස්වී එම කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කළ යුතු බවට ද ජනාධිපතිවරයා යෝජනා කළේය.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විශේෂඥයන් රැසක් සහභාගී වී සිටි මෙම සාකච්ඡාවේ දී ඉදිරි දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රටක් ලෙස ක්‍රියාත්මක කළයුතු උපාය මාර්ගික වැඩපිළිවෙළ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම