චීන ජනපති හා මලාවි රාජ්‍යයේ ජනපති අතර හමුවක්
2023-08-24 20:24:04
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(24) පෙරවරුවේ දකුණු අප්‍රිකාවේ Johannesburg නගරයේ දී මලාවි ජනාධිපති Lazarus Mccarthy Chakwera මහතා හමු විය.

මලාවි රාජ්‍යයට සිය ජාතික තත්ත්වයට ගැලපෙන සංවර්ධන මාර්ගය ගවේෂණය කිරීමට චීනය සහාය වන බවත් එරට ආර්ථික හා සමාජ සංවර්ධනයට අඛණ්ඩව හැකි පමණින් ආධාර ලබා දෙනු ඇති බවත් ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. මලාවි රාජ්‍යය ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග එක්ව සමගිය ශක්තිමත් කර ජාත්‍යන්තර පටිපාටිය වඩාත් සමානත්මතාවෙන් යුක්ත හා සාධාරණ දිශාව කරා වර්ධනය කරවීම වෙනුවෙන් උත්සාහ දැරීමට චීනය කැමති බව ඔහු කීය.

තම රට අසීරුතාවන්ට ලක් වූ අවස්ථාවේදී චීනය සෑම විටම ප්‍රථමයෙන්ම සහාය ලබා දුන් බවත් චීනය මලාවි රාජ්‍යයේ සැබෑ මිතුරෙකු, සහෝදරයෙකු හා හවුල්කරුවෙකු බවත් මලාවි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. මලාවි රාජ්‍යය එකම චීනය ප්‍රතිපත්තියෙහි දැඩිව එල්බ සිටියි. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීම පිළිබඳව ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මුලපිරුම, සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු සංවර්ධනයට ඉවහල් වන බවටද ඔහු අවධාරණය කර ඇත. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම