චීන මාධ්‍ය සමූහය දකුණු අප්‍රිකාවේ Johannesburg විශ්වවිද්‍යාලය සමග සහයෝගීතා ගිවිසුමකට එළඹේ
2023-08-24 09:35:37
Share with:

චීන මාධ්‍ය සමූහය සහ දකුණු අප්‍රිකාවේ Johannesburg විශ්වවිද්‍යාලය සහයෝගීතාව සහ හුවමාරු සබඳතා ශක්තිමත් කරමින් නව ගිවිසුමකට එළඹිණ.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා BRICS රටවල රාජ්‍ය නායකයන්ගේ 15 වැනි සමුළුවට සහභාගි වීම සහ දකුණු අප්‍රිකාවේ නිල සංචාරය අතරතුර, රාජ්‍ය නායකයින් දෙපළ විසින් ඇති කර ගත් වැදගත් එකඟතාවයකට අනුව මෙම ගිවිසුම අත්සන් කෙරිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ Johannesburg විශ්වවිද්‍යාලයේ සභාපති Letlhokwa Mpedi මහතා දෙපාර්ශවය වෙනුවෙන් සහයෝගිතා ගිවිසුම් හුවමාරු කරගත් අතර ශාස්ත්‍රීය, සංස්කෘතික සහ ශ්‍රම හුවමාරු යනාදිය ශක්තිමත් කිරීම පිළිබඳ එකඟතාවන්ට පැමිණියහ.

ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සාර්ථක සංචාරය විශේෂ අවස්ථාවක් කර ගනිමින්, චීනය සහ දකුණු අප්‍රිකාව අතර සංස්කෘතික හුවමාරුව සහ අන්‍යෝන්‍ය ඉගෙනුම් ප්‍රවර්ධනයට විශේෂඥ සම්පත් දායකත්වය, සංස්කෘතික වැඩසටහන් ඒකාබද්ධව නිෂ්පාදනය සහ ඒකාබද්ධ සංසද පිහිටුවීමේදී Johannesburg විශ්වවිද්‍යාලය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීන මාධ්‍ය සමූහය කැමැත්තෙන් සිටින බව එහිදී Shen Haixiong මහතා ප්‍රකාශ කළේය.

චීනයේ සහ දකුණු අප්‍රිකාවේ ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා චීන මාධ්‍ය සමූහය සමග පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව Letlhokwa Mpedi මහතා ද සිය ප්‍රසාදය පළ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම