අද ගෝලීය මුහුදු පරිසර ව්‍යසන දිනයක්
2023-08-24 21:02:01
Share with:

අප්‍රමාණ විරෝධතා හමුවේ වසර 2023 අගෝස්තු මස 24වනදා පස්වරු 1ට ජපාන රජය ෆුකුෂිමා විදුලි බලාගාරයේ න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම ආරම්භ කළේය. මෙදින, ගෝලීය මුහුදු පරිසර ව්‍යසන දිනයකි.

මානව වර්ගයා සාමකාමී න්‍යෂ්ටික බලය භාවිත කිරීම ආරම්භ කළ දා සිට මේ දක්වා ආයාසයෙන්  න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරුණු පළමු අවස්ථාව මෙයය. ඉන් ජගත් ප්‍රජාව සුවිශාල අවදානමකට ලක් වනු ඇත. ටෝකියෝ විදුලි බල සමාගමේ සැලැස්මට අනුව දින 17ක් ඇතුලත න්‍යෂ්ටික දූෂිත ජල ටොන් 7800ක් මුහුදට මුදා හැරේ. වසර 2023නේ එසේ මුදා හැරෙන න්‍යෂ්ටික දූෂිත ජලය ටොන් 31දහස් දෙසියයකි. විශේෂඥයින්ගේ තක්සේරුවට අනුව දැනට ජපානයේ න්‍යෂ්ටික දූෂිත ජල ප්‍රමාණය ටොන් මිලියන 1.3කි. එය මුහුදට මුදා හැරීමට වසර 30ක් හෝ 50ක් අවශ්‍ය වනු ඇත. අනුකරණ පර්යේෂණයන්ට අනුව න්‍යෂ්ටික දූෂිත ජලය වසර 2026 නොවැම්බර් මාසයේ උතුරු ඇමරිකාවට ළඟා වනු ඇති අතර දූෂණය සමස්ත උතුරු පැසිෆික් සාගරයම ආවරණය කරනු ඇත. එම දූෂණය වසර 2030 පෙබරවාරි මාසයේ ඉන්දීය සාගරයට ව්‍යාප්ත වන අතර වසර 10කින් පසුව මුළු පැසිෆික් සාගරයටම බලපානු ඇත.

ෆුකුෂිමා න්‍යෂ්ටික දූෂිත ජලය තුළ tritium, 14C, 60Co ඇතුළු 60කට වැඩි විකිරණ ද්‍රව්‍ය වර්ග අඩංගු වන බව පර්යේෂණ ප්‍රතිඵලයෙන් පිළිබිඹු වී තිබේ. ඒවායේ අර්ධ ආයු අවධිය වසර කිහිපයක්, දශක කිහිපයක්, දහස් ගණනක්  ඇතැම් විට ලක්ෂ ගණනාවක්  පවා පවතිනු ඇත. තවත් කරුණක් නම්, එම න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ දිගු කාලය තුළ, ජපානයේ පාලන විධිවිධාන හා අධීක්ෂණ යාන්ත්‍රණය කවරේ ද යන්නය.මේ පිළිබඳව ජපානය කිසි විටෙකත් පිළිතුරු ලබා දී  නොමැත. ඔවුන් පිළිතුරු ‍නොදී සිටී.

වසර 12කට පෙර ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුරෙන් මුහුදට විකිරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නිකුත් විය. අද ජපානය, න්‍යෂ්ටික දූෂිත ජලය සාගර පරිසරය හා මානව සෞඛ්‍යයට ඇති කරන බලපෑම තක්සේරු නොකර, ඉන් බලපෑමට ලක් පාර්ශ්ව සමග සාකච්ඡා නොපවත්වා, එම න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම ආරම්භ කර ඇත. එය ලෝක වාසීන්ට තවදුරටත් හානියකි. මෙසේ කටයුතු කරන ජපානය පිළිබඳව ලෝකය සෝදිසියෙන් සිටිය යුතුය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම