චීනය සහ බංග්ලාදේශය අතර ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ පිළිබඳ උසස් සහයෝගිතාවක් පවත්වා ගන්නැයි චීන ජනපති ඉල්ලා සිටී
2023-08-24 09:42:24
Share with:

චීනය සහ බංග්ලාදේශය අතර ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ පිළිබඳ සහයෝගිතාව උසස් තලයකට රැගෙන යමින්, දෙරට ආර්ථිකයන් හි ශක්තිය තහවුරු කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, බ්‍රික්ස් සමුළුවට සමගාමී ව බංග්ලාදේශ අගමැතිනි Sheikh Hasina මහත්මිය හමුවූ අවස්ථාවේ දී ය. යටිතල පහසුකම්, තොරතුරු තාක්‍ෂණය, නව බලශක්තිය සහ කෘෂිකර්මාන්තය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගිතා වඩාත් තර කරන ලෙස ද හෙතෙම දෙපාර්ශ්වයෙන් ඉල්ලා සිටී.

චීනය සහ බංග්ලාදේශය සාම්ප්‍රදායික මිත්‍රත්වයක් හිමි රටවල් දෙකකි. 2016දී උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වයක් දක්වා වැඩිදියුණු කෙරිණ. වර්තමානයේ චීනය සහ බංග්ලාදේශය තම සංවර්ධනය සහ පුනර්ජීවනය පිළිබඳ තීරණාත්මක යුගයකට පිවිස සිටී. දෙරට ජනතාවට ඉහළ ප්‍රතිලාභ හිමි කර දෙමින් බංග්ලාදේශය සමඟ විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කිරීමට, චීන පාර්ශවය  සූදානම් බව ද ෂී ජින්පිං මහතා මෙහිදී පැවසීය.

ජාතික ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ දී, බාහිර මැදිහත්වීම්වලට එරෙහි වීම සඳහා චීනය බංග්ලාදේශයට සහාය දෙන බව ද ඔහු පැවසීය.

බහුපාර්ශ්වික කටයුතුවලදී බංග්ලාදේශය සමඟ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ක්‍රියාකරන බව ද ෂී ජින්පිං මහතා කියාසිටියේය.

2016 වසරේ චීන ජනපති එක් වූ බංග්ලාදේශ රාජ්‍ය සංචාරය ද්විපාර්ශ්වික සබඳතාවල සන්ධිස්ථානයක් බවට පත්ව ඇතැයි අගමැතිනි Sheikh Hasina මහත්මිය මෙහිදී කියාසිටියාය.

කොරොනා වසංගතයට එරෙහි සටනට මෙන්ම තම රටේ ආර්ථික සංවර්ධනය සඳහා ලබා දුන් අමිල සහයෝගය වෙනුවෙන් ඇය චීනයට කෘතඥතාව පළකළාය. බංග්ලාදේශ-චීන සබඳතාවේ මනා පැවැත්මට බලපා ඇත්තේ අන්‍යෝන්‍ය ගෞරවය සහ එකිනෙකාගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම බව ද අගමැතිනිය පවසයි.

 ‘එක් තීරයක් එක් මාවතක්’ සහයෝගිතාව බංග්ලාදේශයට සංවර්ධනයේ නව දොරටුවක් විවර කර ඇති බව පැවසූ ඇය එහි 10 වැනි සංවත්සරය නිමිත්තෙන් චීන ජනපතිට  සුබ පැතුම් පිරිනැමුවාය.

බංග්ලාදේශය, එකම චීනය මූලධර්මයට අනුගත ව ක්‍රියා කරයි. එසේම, චීනය සමඟ සබඳතා පුළුල් කිරීමට සහ BRICS වැනි බහුපාර්ශ්වික යාන්ත්‍රණයන්හි සහයෝගිතා ශක්තිමත් කිරීමට තම රට සූදානම් බව ද Sheikh Hasina අගමැතිනිය මෙහිදී කියාසිටියාය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම