චීන ජනපති ඉරාන ජනපති හමු වේ
2023-08-24 19:25:12
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(24) පෙරවරුවේ දකුණු අප්‍රිකාවේ Johannesburg නගරයේදී ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා හමු විය. 

එහිදී ෂී ජින්පිං මහතා ඉරානය බ්‍රික්ස් සංවිධානයේ නව සාමාජික රටක් බවට පත්වීම සම්බන්ධයෙන් සුබ පැතුම් පිරිනැමීය. විවිධ පාර්ශ්වයන්ගේ පොදු උත්සාහය යටතේ මෙවර බ්‍රික්ස් රටවල රාජ්‍ය නායක සමුළුවේදී සාමාජිකත්ව ව්‍යාප්තිය පිළිබඳ තීරණය කිරීම, ඓතිහාසික සිදුවීමක් බව ඔහු පැවසීය. සියළු නව සාමාජික රටවල් වැදගත් බලපෑම් ශක්තිය සහිත රටවල් වීම හේතුවෙන් ලෝකයට වැදගත් බලපෑමක් එල්ල කරනු ඇත. ඉරානය සමග බ්‍රික්ස් ඇතුළු බහුපාර්ශ්වික වේදිකා මත සහයෝගතා පුළුල් කරමින් බහුපාර්ශ්වවාදයේ බලවත් වර්ධනය ඉදිරියට මෙහෙයවීම සඳහා කටයුතු කිරීමට චීනය කැමති බව ද චීන ජනාධිපතිවරයා පැවසීය.

බ්‍රික්ස් සංවිධානයේ ව්‍යාප්තියෙන් ඒකපාර්ශ්වවාදය පහළ යමින් පැවතීම පිළිබිඹු කරන බව ඉරාන ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. ඉරාන චීන අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ගැඹුරු කිරීම පිළිබඳ ඉරානයේ අධිෂ්ඨානය ස්ථිරය. චීනය සමග එක්ව දෙරටේ අංගසම්පූර්ණ උපායමාර්ගික සහයෝගතාව පුළුල් කරමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ පොදු සංවර්ධනය සක්‍රීයව ප්‍රවර්ධනය කරනු ඇති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.  

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම