බ්‍රික්ස් සාමාජිකත්ව ව්‍යාප්තිය නව ආරම්භයක්-චීන ජනපති
2023-08-24 16:53:20
Share with:

බ්‍රික්ස් සාමාජිකත්ව ව්‍යාප්තිය නව ආරම්භයක් බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කරයි.

හෙතෙම ඒ බව ප්‍රකාශ කළේ අද(24) පෙරවරුවේ Johannesburg නගරයේ පැවති බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයින්ගේ 15වැනි සමුළුව පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි. සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, ආර්ජන්ටිනාව, ඉරානය හා ඉතියෝපියාව නිල වශයෙන් බ්‍රික්ස් පවුලට එක් වූ බව එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරිණ.

චීනය එම රටවල් හය වෙත සුබ පැතුම් පිරිනමමින් දකුණු අප්‍රිකාව හා එරට ජනාධිපති Matamela Cyril Ramaphosa මහතා ඒ වෙනුවෙන් දැරූ උත්සාහයන්ට උපරිමයෙන් ප්‍රශංසා කරන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළේය.

බ්‍රික්ස් සංවිධාන ව්‍යාප්තියෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සමගි සහයෝගතාවන් පවත්වා ගැනීම පිළිබඳ එම සංවිධානයේ අධිෂ්ඨානය පිළිබිඹු වී ඇති බව ද චීන ජනාධිපතිවරයා  පැවසීය. මෙය ජගත් ප්‍රජාවේ අපේක්ෂාවටත් අලුතෙන් නැගී එන වෙළඳපොල රටවල හා සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු ප්‍රතිලාභයන්ටත් ගැලපෙන බව හෙතෙම සඳහන් කරයි.  බ්‍රික්ස් සාමාජිකත්ව ව්‍යාප්තිය නව ආරම්භයක් වන අතර අදාල සහයෝගතා ක්‍රමවේදයට නව ගාමක බලයක් එකතු කරමින් ලෝක සාමය හා සංවර්ධනය පිළිබඳ ශක්තිය තවදුරටත් ප්‍රබල කරනු ඒකාන්ත යැයි ද ෂී ජින්පිං මහතා විශ්වාස පළ කර ඇත.

දකුණු අප්‍රිකානු ජනාධිපති Matamela Cyril Ramaphosa මහතා මෙවර මාධ්‍ය හමුවේ මුලසුන දැරූ අතර බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යන මහත්වරු ද ඊට එක්වූ අතර, රුසියානු ජනාධිපතිවරයා ඊට සම්බන්ධ වූයේ මාර්ගගත ආකාරයෙනි. ‘බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයින්ගේ 15වැනි සමුළුව පිළිබඳ Johannesburg ප්‍රකාශනය’ එහිදී පළ කෙරිණ. 


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම