චීන ජනපති හා නැමිබියා ජනපති අතර හමුවක්
2023-08-24 22:07:15
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නැමිබියා ජනාධිපති Hage Geingob මහතා හමු වේ.

එම හමුව අද(24) පෙරවරුවේ දකුණු අප්‍රිකාවේ Johannesburg නගරයේ සිදු විය.

ඉතිහාසයේදී සමාන ‍වේදනා විඳ සමාන අරගල අත්දැකීමෙන් චීනයේ හා අප්‍රිකාවේ හදවත් එකට බැඳී තිබෙන බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය.

නැමිබියාව සමග පවිත්‍ර බලශක්තිය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගතා පුළුල් කිරීමට බලාපොරොත්තු වන චීනය සිය ව්‍යාපාර නැමිබියාවේදී ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම දිරිමත් කරනු ඇත. දෙරටේ සම්බන්ධතාවය ගැඹුරු කිරීමට නැමිබියාව සමග සමීප අදහස් හුවමාරුවක් පවත්වා ගෙන යාමට චීනය කැමති බව ද ෂී ජින්පිං මහතා කියා සිටියේය.

තම රටේ ජාතික ස්වාධීන විප්ලවයේදී හා විවිධ ජාතික ව්‍යායාම්වලදී   චීනය ලබා දුන් ස්ථිර අනුබලයට හෘදයංගම ප්‍රණාමය පුද කරන බව නැමිබියා ජනාධිපතිවරයා එහිදී පැවසීය. චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී චින්තනයෙන් ප්‍රබෝධ වී නැමිබියාව ද සිය අනන්‍ය නවීකරණ මාවතක් ගවේෂණය කරමින් සිටියි. චීනයට නැමිබියාවේ ස්ථිර අනුබලය හිමි වේ. චීන ව්‍යාපාර තම රටේ ආයෝජනය කිරීම හා සහයෝගතා පැවැත්වීම පිළි ගන්නා බව ද ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම