ජාත්‍යන්තර ව්‍යුහය හැඩගැස්වීමට චීන ජනපතිගෙන් බ්‍රික්ස් රටවල් වෙත ධනාත්මක ශක්තිය
2023-08-24 15:55:15
Share with:

බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයින්ගේ 15වැනි සමුළුව ඊයේ (23) දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ පැවැත්විණ. දකුණු අප්‍රිකාව, චීනය, බ්‍රසීලය, ඉන්දියාව හා රුසියාව යන රටවල් පහේ රාජ්‍ය නායකයන් බ්‍රික්ස් සහයෝගිතාව සහ පොදුවේ සලකන වැදගත් ජාත්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් ගැඹුරින් අදහස් හුවමාරු කර පුළුල් එකඟතාවන්ට එළඹ ඇත.  චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේ, බ්‍රික්ස් රටවල් ජාත්‍යන්තර ව්‍යුහය හැඩගැස්වීමේදී වැදගත් බලවේගයක් වන අතර,එම රටවල් ලෝකයට වඩාත් නිශ්චිතභාවය, ස්ථාවරත්වය සහ ධනාත්මක ශක්තිය ලබා දිය යුතු බවයි.

වත්මන් ලෝකය කැලඹිලි සහ වෙනස්වීම්වල නව කාල පරිච්ඡේදයකට අවතීර්ණ වී ඇත. "බ්‍රික්ස්" යන්නේ කොතැනටද,සහ එය කැලඹිලි සහිත ලෝකයට නිශ්චිතභාවය ලබා දෙන්නේ කෙසේද? මේ සමුළුවේ වැදගත් මාතෘකාවක් බවට පත්ව ඇත. එයට ප්‍රතිචාර දක්වමින් ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ බ්‍රික්ස් රටවල් ජාත්‍යන්තර ව්‍යුහය හැඩගැස්වීමේදී වැදගත් බලවේගයක් වන අතර, මානව සමාජයේ දිශානතිය නියෝජනය කරමින් එය ලෝකයේ සංවර්ධන ක්‍රියාවලියට ගැඹුරු බලපෑම් සිදු කරනු ඇති බවයි.

ජාත්‍යන්තර ව්‍යුහය හැඩගැස්වීමේදී වැදගත් බලවේගයක් ලෙස බ්‍රික්ස් රටවල්, ප්‍රධාන ජාත්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් සෑම විටම ප්‍රතිපත්ති අළෙවි නොකරමින් බාහිර බලපෑම්වලට යටත් නොවන අතර අනෙකුත් රටවල වහලෙක් බවට පත් නොවන බව ෂී ජින් පිං මහතා විශේෂයෙන් පෙන්වා දුන්නේය. ඔහුගේ කථාව බොහෝ නැගී එන වෙළඳපල සහිත රටවල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල අභිලාෂයන් ප්‍රකාශ කර තිබේ.

බ්‍රික්ස් රටවල් විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාව ශක්තිමත් කළ යුතු බවත්, උසස් තත්ත්වයේ හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කළ යුතු බවත්, වඩාත් සාධාරණ දිශාවකට ගෝලීය පාලන ප්‍රතිසංස්කරණ සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බවත් ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. මේ සඳහා ෂී ජින් පිං මහතා විසින් සංවර්ධනය, ආරක්ෂාව සහ ශිෂ්ටාචාර හුවමාරු සම්බන්ධ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගණනාවක් එහිදී යෝජනා කළේය.

බ්‍රික්ස් රටවල සංවර්ධනය සඳහා විශ්වාසය ගොඩනගා එකමුතුකම සහ ප්‍රායෝගික සහයෝගීතාව වැඩි දියුණු කිරීමෙහි චීනය ස්ථීරව නිරත වේ. අනාගතයේ චීනය "චීන-බ්‍රික්ස් රටවල නව යුගයේ විද්‍යා හා තාක්ෂණ පහසුකම් සහ විශේෂ සේවා උද්‍යානය" සහ "බ්‍රික්ස් රටවල ගෝලීය දුරස්ථ සංවේදක චන්ද්‍රිකා දත්ත සහ යෙදුම් සහයෝගිතා වේදිකාව" පිහිටුවනු ඇත. එසේම බ්‍රික්ස් රටවල් අතර මානව හුවමාරු ගැඹුරු කිරීම සඳහා චීනය විසින් ආරම්භ කරන ලද කාන්තා නවෝත්පාදන තරඟය වැනි සහයෝගිතා වේදිකාවල කාර්යභාර චීනය අඛණ්ඩව ඉටු කරනු ඇත.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම