සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග චීනය අඛණ්ඩව රැඳී සිටින බව චීන ජනපති කියයි
2023-08-24 19:27:02
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(24) Johannesburg නගරයේ පැවති බ්‍රික්ස් රටවල්, අප්‍රිකානු රටවල් හා සෙසු නැඟී එන වෙළඳපොළ හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර රාජ්‍ය නායකයන්ගේ සංවාදයට එක් වෙමින් ප්‍රකාශයක් කළේය. 

සංවර්ධනය, සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය. සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග චීනය අඛණ්ඩව රැඳී සිටින අතර චීනය ද එම රටවලින් එකක් බව හෙතෙම පැවසීය. චීනය අප්‍රිකාවේ විශ්වාසවන්ත මිතුරෙකි. ගෙවී ගිය වසර 10 තුළ චීනය අප්‍රිකාවට විශාල සංවර්ධන සහායන් ලබා දී තිබේ. අප්‍රිකාවේ දුම්රිය මාර්ග කිලෝමීටර් 6000ක්, මහ මාර්ග කිලෝමීටර් 6000ක් හා විශාල විදුලි පහසුකම් 80ක් පමණ සංවර්ධනය කිරීමට චීනය සහභාගි වී තිබේ. අප්‍රිකාවේ ස්වයං සංවර්ධන හැකියාව ශක්තිමත් කිරීමට ඉදිරියේ දී ද චීනය සහාය ලබා දෙනු ඇත. චන්ද්‍රිකා සිතියම්කරණය පිළිබඳ දත්ත සැපයීම, බුද්ධිමය රේගු සහයෝගිතා හවුල්කාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය සමග ගෝලීය සංවර්ධන මුලපිරුම ඔස්සේ අප්‍රිකාවේ අනාගතය ප්‍රවර්ධනය කිරීමේ මෙහෙයුම ක්‍රියාවට නැංවීම ඇතුළු පියවර තුළින් අප්‍රිකා තිරසර සංවර්ධනයට චීනය සක්‍රීය ලෙස අනුබල දෙන බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ඇමරිකානු ඩොලර් බිලියන 4කින් යුතු ගෝලීය සංවර්ධන හා සංවර්ධනය වෙමින් පවතින රටවල සහයෝගිතා අරමුදල චීනය ස්ථාපිත කර තිබේ. එමෙන්ම ගෝලීය සංවර්ධන මුලපිරුම ක්‍රියාවට නැංවීම වෙනුවෙන් චීන මූල්‍ය ආයතන ඇමරිකානු ඩොලර් බිලියන 10ක විශේෂ මුදලක් ද වෙන් කරනු ඇතැයි ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

විශ්වාසය තහවුරු කර අත්වැල් බැඳ ගනිමින්, පොදු සංවර්ධනය පිළිබඳ පොදු ප්‍රජාවක් ‍ගොඩනගමින්, ගෝලීය නවීකරණයේ දී කිසිදු රටක් අත් නොහරිය යුතු බව ෂී ජින්පිං ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම