චීන සහ සෙනගාල් ජනපතිවරුන් අතර හමුවක්
2023-08-24 10:09:50
Share with:

ජාතික ස්ථාවරත්වය සහ සංවර්ධනය පවත්වා ගැනීම සඳහා සෙනගාලයේ ප්‍රයත්නයන්ට චීනය අඛණ්ඩව සහාය දක්වන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ 15 වන BRICS සමුළුව අතරතුර සෙනගාල් ජනාධිපති Macky Sall මහතා සමග පැවති සාකච්ඡාවකදීය.

දෙරට අතර පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා, සෙනගාල් පාර්ශ්වය සමග, කර්මාන්ත, කෘෂිකර්මය, යටිතල පහසුකම් ගොඩනැගීම, මානව සම්පත් සංවර්ධනය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතා ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.

Macky Sall මහතා එහිදී ප්‍රකාශ කළේ, සෙනගල් සහ චීනය උසස් මට්ටමේ උපායමාර්ගික හවුල්කරුවන් වන අතර, ජනාධිපති ෂී ජින් පිං මහතා අප්‍රිකාවේ සහ සෙනගාලයේ විශිෂ්ට මිතුරෙක් වන බවයි. යටිතල පහසුකම්, කර්මාන්ත, කෘෂිකාර්මික සහ අධ්‍යාපන වැනි පුළුල් පරාසයක විහිදුණු ක්ෂේත්‍රවල දෙපාර්ශවය අන්‍යෝන්‍ය වශයෙන් වටිනා සහයෝගීතාවයක් පවත්වා තිබේ. එකම චීනය යන මූලධර්මය සෙනගල් ස්ථීරව පිළිපදින බව ද Macky Sall මහතා අවධාරණය කළේ ය. චීනයේ සාමකාමී විදේශ ප්‍රතිපත්තිය අගය කරන බවත්, චීනය සමග ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවත්, සෙනගාල් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම