“වඩා යහපත් ලෝකයක් ඒකාබද්ධව ගොඩනැඟීම” පිළිබඳව BRICS රටවල කාර්මික හා ව්‍යාපාරික සංසදයේ සමාප්ති උත්සවයේදී චීන ජනපතිගෙන් දේශනයක්
2023-08-23 09:41:22
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා BRICS රටවල කාර්මික හා ව්‍යාපාරික සංසදයේ සමාප්ති උත්සවයේ දේශනයක් පවත්වයි. “සමගිය හා සහයෝගීතාවය ගැඹුරු කර, අවදානම් සහ අභියෝගවලට ප්‍රතිචාර දක්වමින් වඩා යහපත් ලෝකයක් ඒකාබද්ධව ගොඩනැගීම” යන්න එම දේශනයේ තේමාව විය. එම උත්සවය දකුණු අප්‍රිකාවේ Johannesburg නගරයේදී ඊයේ (22) පස්වරුවේ පැවැත්විණ.

අද ලෝකය පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය. ලෝකයේ විවිධ රටවල ජනතාව බලාපොරොත්තු වන්නේ සර්වකාලීන සාමය සහ විශ්වීය සුරක්ෂිතභාවය සහිත ලෝකයකි. එහිදී පොදු සමෘද්ධිය, විවෘතභාවය සහ සමානාත්මතාවය, පිරිසිදුකම සහ අලංකාරය අපෙක්ෂා කෙරේ. එබැවින්, පොදු සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කළ යුතු අතර,විශ්වීය ආරක්ෂාව ළඟා කර ගැනීමට උත්සාහ කළ යුතුය. ශිෂ්ටාචාර අතර හුවමාරු සහ අන්‍යෝන්‍ය ඉගෙනීම අඛණ්ඩව ඉදිරියට පවත්වා ගත යුතු බව ද හෙතෙම පැවසීය.

BRICS රටවල් නියෝජනය කරන අලුතින් නැගී එන වෙළඳපොළ සහිත රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සාමූහිකව නැගීසිටීම මූලික වශයෙන් ලෝක සිතියම වෙනස් කරමින් පවතින බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. BRICS උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමටත්, “BRICS +” ආකෘතිය පුළුල් කිරීමටත්, BRICS සාමාජික රටවල් ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමටත්,ජාත්‍යන්තර පිළිවෙල වඩාත් සාධාරණ දිශාවකට සංවර්ධනය කිරීමටත් BRICS රටවල් අඛණ්ඩව කටයුතු කරන බව හෙතෙම පැවසීය.

ස්වාධීන සහ ස්වෛරි සාමකාමි රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තියක් චීනය දැඩි ලෙස අනුගමනය කරන බවත්, මානව වර්ගයා සඳහා පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස,චීනය සෑම විටම සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ එකම ඉරණම බෙදාගෙන ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අවශ්‍යතා දැඩි ලෙස ආරක්ෂා කරයි.

බිලියන 1.4කට අධික ජනගහනය රැගෙන නවීකරණය කරා ගමන් කරන විට චීනය ලෝක ආර්ථිකයට පෙරට වැඩි දායකත්වයක් සපයනු ඇති බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම