නියඟය හේතුවෙන් කුඹුරු විශාල ප්‍රමාණයකට හානි
2023-08-23 15:57:07
Share with:

නියඟය හේතුවෙන් විනාශ වී ඇති කුඹුරු අක්කර ප්‍රමාණය 46,000 ඉක්මවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සිදුකළ නවතම තක්සේරු වාර්තාවට අනුව ඊයේ (23) වනවිට හානියට පත්ව ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 46,904.54කි.

වගා හානියෙන් ගොවීන් 41,402 ක් අගතියට පත්ව තිබේ.

වැඩිම බලපෑම් එල්ල වී ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 23,286 කට විනාශ වී ඇති අතර ඉන් බලපෑමට ලක්ව ඇති ගොවීන් සංඛ්‍යාව 27,904කි. 

දෙවැනියට වැඩිම වගා හානියක් සිදුව ඇත්තේ උඩවලව කලාපයටය.

එම කලාපයේ කුඹුරු අක්කර 14,667 කට හානි සිදුව ඇති අතර අගතියට පත්ව ඇති ගොවීන් ගණන 5,867කි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම