අන්තවාදීව මුහුදට අපජලය මුදාහැරීමට තීරණය කරන ජපානය ගෝලීය විශ්වසනීයත්වය සම්පූර්ණයෙන්ම අහිමි කර ගනු ඇත
2023-08-23 10:18:35
Share with:

දෙස් විදෙස් ප්‍රජාවගේ දැඩි විරෝධය නොකතා, ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම හෙට (24) ආරම්භ කරන බව ජපාන රජය ප්‍රකාශ කර ඇත. එහෙත්, න්‍යෂ්ටික අපජලය අනිවාර්යයෙන් ම දූෂිත ය. ජපන් පාර්ශ්වයේ කුමන කුමන්ත්‍රණයකට හෝ අසත්‍ය ප්‍රකාශයකට න්‍යෂ්ටික අපජලයේ පවතින දැඩි හානිකර තත්ත්වය වෙනස් කිරීමට නොහැකි වනු ඇත.

මේ සම්බන්ධයෙන් සිදුකෙරුණු බොහෝ අධ්‍යයන මගින් පෙන්වා දී ඇත්තේ, ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලයෙහි විකිරණශීලී මූලද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඇති බවයි. මේවා සමස්ත පැසිෆික් සාගරයට මෙන්ම සෙසු සාගර කලාපවලට පැතිර යනු ඇති අතර, සාගර පරිසරයට සහ මානව සෞඛ්‍යයට මැනිය නොහැකි තරමේ බලපෑම් එල්ල කරනු ඇත.

ජපන් පාර්ශ්වය නිකුත් කළ දත්තවලට අනුව, න්‍යෂ්ටික අපජලයෙන් 70% ක් පමණ විවිධ පවිත්‍රකරණ වැඩපිළිවෙළින් පසුවත් විසර්ජන ප්‍රමිතිය සපුරා නොමැත. මෙවැනි තත්ත්ව පවතිද්දී පවා ජපානය න්‍යෂ්ටික අපජලය බලහත්කාරයෙන් මුහුදට මුදාහැරීම, න්‍යෂ්ටික දූෂණය පිළිබඳ අතිශය බරපතල අවදානමක් සමස්ත මිනිස් සංහතිය මත පැටවීමක් හා සමාන වේ.

මේ ක්‍රියාවත් සමග ජපානයේ විශ්වසනීයත්වය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. ජපානයේ මෙම අන්තවාදී ආත්මාර්ථකාමීත්වයට සහ වගකීම් විරහිතභාවයට මුළු ලෝකයම වන්දි ගෙවිය යුතු නොවන්නේය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම