මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සම්බන්ධ තීරණයක් හෙට
2023-08-23 15:54:20
Share with:

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සම්බන්ධ තීරණයක් හෙට (24) උදෑසන නිවේදනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද  දින රැස්වීමට නියමිත තිබේ.

මෙය 2023 වසරේ අංක 06 දරණ මුදල් ප්‍රතිපත්ති විවරණයයි.

මීට පෙර 2023 ජූලි 05 වැනි දින රැස් වූ අවස්ථාවේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික වාර්තාගත ලෙස පහත දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළේය. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 11.00 සහ සියයට 12.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට පියවර ගැනිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම