තායිලන්ත හිටපු අගමැති තක්ෂින් වසර 8කට සිරගත කිරීමට තායිලන්ත අධිකරණය තීන්දු කරයි
2023-08-23 11:21:55
Share with:

වසර කීපයක පිටුවහල්භාවයකින් පසු යළි දිවයිනට පැමිණි තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට එරට ශ්‍රේෂ්ඨාධිකරණය වසර 8ක රැඳවුම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු, හෙතෙම ඊයේ(22) සිරභාරයට පත් විය.

දේශපාලන තනතුරු දරන්නන් සඳහා වන උසාවියේ අපරාධ අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 74 හැවිරිදි ෂිනවත්‍රා වැරදි තුනට අදාළව, ඔහු වසර 8ක සිර දඬුවමකට වරදකරු වී ඇති බවයි.

තක්ෂින් 2001 සිට 2006 දක්වා තායිලන්තයේ අග්‍රාමාත්‍යවරයා වූ නමුත් 2008 සිට ස්වයං පිටුවහල්ව විදෙස්ගතව සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම