තායිලන්තයේ නව අගමැතිවරයා ලෙස පත්වීමට Srettha Thavisin මහතාට තායි රජුගේ අනුමැතිය
2023-08-23 17:19:06
Share with:

Srettha Thavisin මහතා තායිලන්තයේ 30 වැනි අගමැතිවරයා වශයෙන් පත්වීමට Maha Vajiralongkorn රජුගේ අනුමැතිය පළවී ඇති බව එරට පහළ මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයාගේ ප්‍රකාශකයා අද (23)පැවසීය.

61 හැවිරිදි හිටපු දේපල ව්‍යාපාරිකයෙකු වන Srettha Thavisin පසුගිය මැයි මාසේ තායිලන්තයේ මහ මැතිවරණයට පෙර සිය දේශපාලන ආගමනය නිවේදනය කළේය. ඒ අනුව ඔහු Pheu Thai පක්ෂයේ අගමැති අපේක්ෂකයා බවට පත්විය.ඊයේ (22) තායිලන්ත කොන්ග්‍රසයේ ඉහළ සහ පහළ මන්ත්‍රී මණ්ඩල ඒකාබද්ධ රැස්වීමේදී මන්ත්‍රීවරුන්ගෙන් අඩකට අධික පිරිසකගේ සහාය දිනාගත් හෙතෙම නව අගමැති ලෙස තේරී පත්විය.

මේ අතර චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද පැවති මාධ්‍ය හමුවේදී Srettha Thavisin මහතා තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳව සුබ පැතුම් පිරිනැමීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම