ලෝක ආහාර සුරක්ෂිතභාවයට දැවැන්ත දායකත්වයක් චීනයෙන් ------ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය
2023-08-23 10:25:12
Share with:

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ලෝක ආහාර සුරක්ෂිතභාවය සඳහා චීනය දැක්වූ ධනාත්මක දායකත්වය පිළිබඳව ඉහළින් අගය කරයි. එම සංවිධානය වසර 40 ක් පුරා චීනයේ දී දැක්වූ සහයෝගීතාව පිළිබඳ සාරාංශයක් ඉදිරිපත් කරමින් මේ බව ප්‍රකාශ කළේය.

ලෝකයේ වගා කළ හැකි ඉඩම්වලින් 9% ක් මෙන්ම මිරිදිය සම්පත්වලින් 6% ක් සතු චීනයට ලෝක ජනගහනයෙන් පහෙන් එකකට ආසන්න ජනතාව පෝෂණය කළ හැකි බව චීනයේ රැඳී සිටින චීනයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත Carlos Watson මහතා පෙන්වා දෙයි. එය ගෝලීය ආහාර සුරක්ෂිතභාවය සඳහා දැවැන්ත දායකත්වයක් බව ද හෙතෙම සඳහන් කරයි. කෘෂිකාර්මික නිෂ්පාදිතයන් පිළිබඳ ලොව විශාලතම නිෂ්පාදකයන්, පාරිභෝගිකයන්, අපනයනකරුවන් සහ ආනයනකරුවන්ගෙන් සමන්විත ඒකකයක් ලෙස චීනය ජාත්‍යන්තර ධාන්‍ය වෙළඳපොළේ මෙන්ම ගෝලීය ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

චීනයේ සිදුවන පරිවර්තනය ඉතා සුවිශේෂ බව ද Watson මහතා කියා සිටී. චීනයේ අත්දැකීම් ලෝකයේ අනෙකුත් රටවල් සමඟ බෙදාගනිමින්, සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා දායකවීමට චීනය දක්වන කැමැත්ත තමා මැනැවින් නිරීක්ෂණය කර ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම