චීන මාධ්‍ය සමූහය හා දකුණු අප්‍රිකානු පාපන්දු ක්‍රීඩා සංගමය අතර සහයෝගතාව ඇරඹේ
2023-08-23 21:33:59
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයින්ගේ 15වැනි සමුළුවට එක් වෙමින් දකුණු අප්‍රිකාවේ නිල සංචාරයක නිරත වීමට සමගාමීව දෙරටේ නායකයින්ගේ පොදු එකඟතාවන් ක්‍රියාවට නංවාලීම සඳහා, චීන මාධ්‍ය සමූහය හා දකුණු පාපන්දු ක්‍රීඩා සංගමය සහයෝගතා අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයිෂියොන්ග් මහතා හා දකුණු අප්‍රිකානු පාපන්දු ක්‍රීඩා සංගම් සභාපති Danny Jordaan මහතා අද(23) Johannesburg හිදී  එම ගිවිසුම හුවාමරු කර ගත්හ. එම ගිවිසුමට අනුව දෙපාර්ශ්වය පාපන්දු ක්‍රීඩා සංස්කෘතිය, පාපන්දු තරගාවලි පිළිබඳ හුවමාරු, විකාශන කටයුතු මෙන්ම සෙස සහයෝගතාවන් හා මානව හුවමාරු පිළිබඳව පුළුල් එකඟතාවන්ට එළඹ සිටිති.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම