චීන දකුණු අප්‍රිකානු සබඳතාවේ ස්වර්ණමය අනාගත යුගයක අපේක්ෂා
2023-08-23 21:30:58
Share with:

චීනය හා දකුණු අප්‍රිකාව යන දෙරටේ නායකයින් ඉදිරියේ සහයෝගතා ලිපිලේඛන 11කට අත්සන් තැබිණ. දෙරට අතර එළඹි වැදගත් එකඟතා රැසක් සහිත ඒකාබද්ධ නිවේදනයක් පළ කෙරිණ. දකුණු අප්‍රිකානු ජනාධිපති Matamela Cyril Ramaphosa මහතා විසින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත එරට උපරිම ගෞරවය පුද කෙරෙන ‘දකුණු අප්‍රිකානු පදක්කම’ පිරිනමනු ලැබීය. එවන් සරු ප්‍රතිඵල, චීන දකුණු අප්‍රිකානු සම්බන්ධතාවය සවර්ණමය යුගයකට පිවිස ඇති බවට කදිම සාක්ෂීන්ය .

වසර 2023 චීනය හා දකුණු අප්‍රිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 25වැනි සංවත්සර වසරය. ගෙවී ගිය වසර 25 තුළ ජාත්‍යන්තර තත්ත්වයේ වෙනස්කම්වලට ඔරොත්තු දී දෙරට සම්බන්ධතාවය හවුල්කාරීත්වයේ සිට, උපායමාර්ගික හවුල්කාරීත්වය හා අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය දක්වා වර්ධනය වී තිබීම විශේෂත්වයකි.

වසර 25ක් ගතවී නව තත්ත්වයන්ට මුහුණ දීමේදී චීන දකුණු අප්‍රිකානු සම්බන්ධතාවය වඩාත් විශාල වර්ධනයක් ළඟා කර ගන්නේ කෙසේ ද? ෂී ජින්පිං මහතා මේ පිළිබඳව යෝජනා ඉදිරිපත් කළේය. චීනය හා දකුණු අප්‍රිකාව උපරිම විශ්වාසයෙන් බැඳීසිටින උපායමාර්ගික හවුල්කරුවන්, පොදුවේ වර්ධනය වන සංවර්ධන හවුල්කරුවන් හා එකිනෙකා පිළිබඳ මනා අවබෝධයෙන් පසුවන මිත්‍රශීලි හවුල්කරුවන් හා යුක්තිය ආරක්ෂා කිරීමේ ගෝලීය හවුල්කරුවන් ලෙස කටයුතු කළ යුතු බව ඔහුගේ මතයයි. චීන ජනාධිපතිවරයා වත්මන් ජාත්‍යන්තර තත්ත්වය සියුම් නිරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කළ එම යෝජනාවලිය, ද්විපාර්ශ්වික සම්බන්ධතාව පිළිබඳව සිදු කළ නිවැරදි ‍මඟපෙන්වීමක් වන අතර ප්‍රායෝගික සහයෝගතා වෙනුවෙන් වන දිශාව ද පැහැදිලි කර ඇත.

මෙවර සංචාරයට පෙර ෂී ජින්පිං මහතා දකුණු අප්‍රිකාවේ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ පළකළ අත්සන සහිත ලිපිය පුළුල් පිළිගැනීමකට ලක්විය. මෙම සංචාරයෙන්  චීන දකුණු අප්‍රිකානු සම්බන්ධතාවයේ ස්වර්ණමය යුගය තව තවත් දීප්තිමත් කර ඇත. චීන අප්‍රිකානු සහයෝගතාව, ලෝක සාමය හා සංවර්ධනය වෙනුවෙන් නව ගාමක බලයක් එකතු කර ඇතැයි ද විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම