චීන ජනාධිපතිවරයා දකුණු අප්‍රිකාවට ළඟාවෙයි
2023-08-22 09:25:48
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(21) රාත්‍රියේ Johannesburg නගරයට ළඟාවිය. හෙතෙම බ්‍රික්ස් රටවල නායකයන්ගේ 15 වැනි සමුළුවට එක් වෙමින් දකුණු අප්‍රිකාවේ නිල සංචාරයක නිරත වනු ඇත.

දකුණු ජනාධිපති Matamela Cyril Ramaphosa මහතා හා විදේශ ඇමතිනි Naledi Pandor මහත්මිය ඇතුළු උසස් පෙළේ නිලධාරීන් ගුවන් තොටුපළේ දී චීන ජනාධිපතිවරයා සාදරයෙන් පිළි ගෙන තිබේ.

ගුවන් තොටුපළේ දී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශයක් පළ කරමින් පැවසුවේ චීන දකුණු අප්‍රිකා සබඳතාව ශක්තිමත් කිරීම හා වර්ධනය කිරීම ඔස්සේ දෙරටේ ජනතාවට සුභසෙත සැලසීම පමණක් නොව වෙනස්කම් හා අවුල් භාවයෙන් යුතු ලෝකයට ස්ථාවරත්වයක් ගෙන දෙන බවයි. මෙවර බ්‍රික්ස් රටවල නායක සමුළුව බ්‍රික්ස් සහයෝගිතා ක්‍රමය වර්ධනය වීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් බවට පත් වෙමින්  සංවර්ධනය වෙමින් පවතින රටවල එකමුතුව හා සහයෝගිතාව වඩාත් ඉහළ මට්ටමකට ගෙන යනු ඇතැයි ෂී ජින් පිං මහතා විශ්වාසය පළ කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම