විදුලි සැපයුම සඳහා දෛනිකව අමතර කෝටි 80 ක්
2023-08-22 16:39:53
Share with:

නියඟය හේතුවෙන් ජලවිදුලි උත්පාදනය පහත බැසීම නිසා තාප විදුලි නිෂ්පාදනය සඳහා දිනකට රුපියල් කෝටි 80 ක පමණ අමතර මුදලක් වැය කිරීමට සිදුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.   

සාමාන්‍ය වර්ෂාපතනයක් පවතින කාලයේ දිනකට තාප විදුලිය සඳහා රුපියල් කෝටි 80 ක් පමණ වැය වන බවත්, මේ දිනවල එම වියදම දෙගුණයකින් වැඩි වී ඇති බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් ජලවිදුලි උත්පාදනය 15 % ක් පමණ දක්වා පහළ ගොස් ඇති අතර, සමස්ත විදුලි සැපයුමෙන් 85 % ක් තාප විදුලියෙන් ලබාගන්නා බව ද එම නිලධාරියා සඳහන් කළේය.

බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාව සියයට 20 %ක් පමණ දක්වා පහළ ගොස් තිබේ. රන්දෙණිගල ජලාශයේ ධාරිතාව 8 %ක් දක්වා, වික්ටෝරියා ජලාශයේ ධාරිතාව 27 %ක් දක්වා සහ සමනළ වැව ජලාශයේ ධාරිතාව 1.9 % දක්වා ද පහළ ගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

මේ අනුව මෙරට සමස්ත විදුලි ඉල්ලුමෙන් 85 %ක් ගල්අඟුරු සහ තාප බලාගාරවලින් සපුරා ගැනීමට සිදුව ඇත. ඒ හේතුවෙන් විදුලිබල මණ්‍ඩලයට අමතර විශාල පිරිවැයක් දැරීමට සිදු ව තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම