පලස්තීන-ඊශ්‍රායල් තත්ත්වය පාලනයෙන් මිදීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසට එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිතයා ගෙන් ඉල්ලීමක්
2023-08-22 11:20:58
Share with:

පලස්තීන-ඊශ්‍රායල් තත්ත්වය පාලනයෙන් මිදීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිතයා ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Zhang Jun මහතා ඊයේ(21) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මැදපෙරදිග පලස්තීන ප්‍රශ්නය පිළිබඳ රැස්වීමේදී ජගත් ප්‍රජාවෙන් මෙම ඉල්ලීම කළේය.

පලස්තීන ප්‍රශ්නයට විස්තීර්ණ, සාධාරණ සහ කල්පවත්නා විසඳුමක්  ලබාදීම සඳහා ස්ථිර දේශපාලන අධිෂ්ඨානය සහ ඵලදායී රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග භාවිත කරන ලෙස හෙතෙම ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කළේය.

පලස්තීන ආර්ථිකයේ සහ ජනතාවගේ ජීවන අවශ්‍යතා කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාව අවධානය යොමු කළ යුතු අතර පලස්තීනයට මානුෂීය ආධාර ලබා දී පලස්තීනයේ මූල්‍ය අර්බුදය ලිහිල් කිරීමට සහාය විය යුතුය. "ද්වි-රාජ්‍ය විසඳුම" උනන්දුවෙන් ඉදිරියට ගෙන යමින් ජාත්‍යන්තර කැපවීම් ඉටු කළ යුතු බව ද හෙතෙම එහිදී අවධාරණය කළේය.

ඊජිප්තුව, ජෝර්දානය සහ පලස්තීනය යන ත්‍රෛපාර්ශ්වික නායක සමුළුව සාදරයෙන් පිළිගන්නා බවත්, සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කොන්දේසි නිර්මාණය කිරීම සඳහා වඩාත් බලගතු ජාත්‍යන්තර සාම සමුළුවක් පැවැත්වීමට සහාය දක්වන බවත් Zhang Jun මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම