අගෝස්තු මාසයේ විදෙස් සංචාරකයන් 800 000 ක්
2023-08-22 16:41:25
Share with:

මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් 860 000 කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම සංඛ්‍යාව 866,744 කි.

අගෝස්තු මාසයේ ගතවූ දින 20 තුළ පමණක් සංචාරකයන් 98,831දෙනෙකු මෙරටට පැමිණ තිබීම විශේෂත්වයකි. ඉන්දීය සංචාරකයන් 19000 ක් දෙනෙකු සහ බ්‍රිතාන්‍ය සංචාරකයන් 12 100 ක් ඊට ඇතුළත් බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර චීන සංචාරකයන් 35,000 කට වැඩි පිරිසක් ද මේ වසරේ දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම