ජනපති, සිංගප්පූරු අගමැති හමුවෙයි
2023-08-22 19:15:20
Share with:

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  එරට අග්‍රාමාත්‍යවරයා හමුවෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපතිවරයා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය Lee Hsien Loong මහතා අතර  සාකච්ඡාව අද (22) දහවල් පැවති බවයි.

එසේම, ශ්‍රී ලංකා සහ සිංගප්පූරු රජයන් අතර අවබෝධතා ගිවිසුමකට ද එහි දී අත්සන් තැබිණ. පැරිස් ගිවිසුමේ සඳහන් කාලරාමුව ඇතුළත කාබන් හර කිරීම පිළිබඳව එකඟතාව ඊට ඇතුළත් ය.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සිංගප්පූරු අග්‍රාමත්‍යවරයා සහ ජනාධිපතිවරයා ද සහභාගි විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම