‘ෂී ජින්පිං ප්‍රිය කරන උපමා’නමැති විශේෂ වැඩසටහනේ දෙවැනි මාලාවට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර
2023-08-22 09:24:30
Share with:

‘ෂී ජින්පිං ප්‍රිය කරන උපමා’නමැති විශේෂ වැඩසටහනේ දෙවැනි මාලාව අප්‍රිකාවේ මාධ්‍ය 60 කට වැඩි ගණනක විකාශය කෙරේ . ඒ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා BRICS රටවල රාජ්‍ය නායකයන්ගේ 15 වැනි හමුවට සහභාගි වීම සහ දකුණු අප්‍රිකාවේ නිල සංචාරයක නිරත වීම නිමිත්තෙනි.

චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරනු ලැබූ එම වැඩසටහනේ දෙවැනි මාලාවට ඉංග්‍රීසි, ප්‍රංශ, අරාබි, හවුසා සහ ස්වහීලී යනාදී බහුභාෂා අනුවාද ඇතුළත් වේ. පසුගිය 20වැනිදා සිට, මෙම වැඩසටහන නයිජීරියානු ජාතික රූපවාහිනිය, ටැන්සානියා ජාතික රූපවාහිනිය ඇතුළු අප්‍රිකානු රටවල් 40 ක ප්‍රධාන ධාරාවේ මාධ්‍ය 66 ක විකාශය කර ඇති අතර ඊට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිව ඇත.

ඊයේ (21) දකුණු අප්‍රිකාවේ ‘The Star’, ‘Cape Times’, ‘The Mercury’ යන පුවත්පත් මුල් පිටුවවල එම වැඩසටහනේ විකාශය පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත.

රට පාලනය කිරීමේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රඥාව අගය කිරීමට සහ නව යුගයේ චීන සංවර්ධනය සහ වෙනස්කම් අවබෝධ කර ගැනීමට අප්‍රිකානු රටවල මාධ්‍ය ඔස්සේ මෙවැනි වැඩසටහන් විකාශය වැදගත් බව සමාජයේ සෑම තරාතිරමකම ජනතාවගේ අදහස වී තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම