වඩාත් වැඩි රටවල් බ්‍රික්ස් සහයෝගීතාවයට එක් වීමේ බලාපොරොත්තුවෙන් පිළිබිඹු වන නව ශක්තිමත් ප්‍රවේශය
2023-08-21 21:31:53
Share with:

බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයන්ගේ 15වැනි හමුව හෙ‍‍ට (22) සිට දකුණු අප්‍රිකාවේ දී පැවැත්වේ. මෑතකදී එය, විශේෂයෙන්ම එම සංවිධානයේ ව්‍යාප්තිය, ලෝකයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත. 

රටවල් 40 කට වැඩි ප්‍රමාණයක් බ්‍රික්ස් හා සම්බන්ධ වීමට කැමැත්ත පළ කර ඇති අතර, රටවල් 20 කට වැඩි ප්‍රමාණයක් දැනටමත් නිල වශයෙන් අයදුම් කර ඇති බව වාර්තා වෙයි. ගෝලීය ගැටළු විසඳීමේදී බ්‍රික්ස් රටවල නායකත්වය කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය ඉන් පිළිබිඹු කෙරෙන බව දකුණු අප්‍රිකාවේ බ්‍රික්ස් විශේෂ නියෝජිතයා චීන මාධ්‍ය සමූහය සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වා දුන්නේය.  එවන් විශ්වාසයක් බිහිවීමට හේතුවී ඇත්තේ කවරක් ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, 2001 සිට 2022 දක්වා, ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයේ බ්‍රික්ස් රටවල කොටස 8.4% සිට 25.8% දක්වා ඉහළ ගොස් තිබේ. එම කාලය තුළ, G7 කණ්ඩායමේ කොටස 64.6% සිට 42.9% දක්වා පහත වැටී තිබේ. බ්‍රිතාන්‍ය උපදේශන සමාගමක වාර්තාවකට අනුව, 2022 වසරේ ලෝකයේ සමස්ත ආර්ථික නිමැවුමෙන්, බ්‍රික්ස් රටවල් ගන්නා අනුපාතය G7 ඉක්මවා ගොස් ඇත.

විශේෂයෙන්ම, 2022 දී බ්‍රික්ස්  රටවල “චීන වසරේ” සිට ම, බ්‍රික්ස් රටවල් අතර සහයෝගීතාවයේ ඵලදායි ජයග්‍රහණයන් ‍රැසක් අත්කරගෙන ඇත‍. එය මෙවර හමුව සඳහා ශක්තිමත් පදනමකි. 2022 දී බ්‍රික්ස් රටවල් පහේ සමස්ත භාණ්ඩ වෙළඳාමේ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 9.20 ක් පමණ වූ අතර, එය පෙර වසරට වඩා 7.8% ක වර්ධනයකි. 

බ්‍රික්ස් යනු සංවෘත සමාජයක් හෝ හුදෙකලා සමූහයක් නොවේ. 2017 වසරේ චීනයේ Xiamen හිදී නායක හමුවේදී ඉදිරිපත් කෙරුණු “බ්‍රික්ස් +” සහයෝගීතා ආකෘතියේ සිට, 2022 වසරේ බෙයිජිංහිදී පැවති බ්‍රික්ස් සමුළුව ඉදිරිපත් කළ “බ්‍රික්ස් ව්‍යාප්ති ක්‍රියාවලිය ආරම්භ කිරීමේ” මුලපිරුම දක්වා, එම නව සහයෝගීතා යාන්ත්‍රණය තවත් වැඩි හවුල්කරුවන් හා සහයෝගීතාවයන් අපේක්ෂා කරමින් සිටී.

ගත වූ වසර ගණනාවක් තුළ, බටහිර රටවල් ඊනියා “බ්‍රික්ස් බිඳවැටීමේ න්‍යාය” අඛණ්ඩව ප්‍රචලිත කළද, වඩාත් වැඩි  රටවල්  සංඛ්‍යාවක් බ්‍රික්ස් සහයෝගීතාවයට එක් වීමට බලාපොරොත්තු වීම සැබෑ සත්‍යයයි. බ්‍රික්ස් සහයෝගීතා යාන්ත්‍රණයේ ප්‍රබල ජීව ශක්තිය සහ බලපෑම ඉන් විචිත්‍රවත් ලෙස පිළිබිඹු කෙරේ‍‍.


ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම