චීනය හා දකුණු අප්‍රිකාව අතර සහෝදරත්වය අගයමි- චීන ජනපති
2023-08-21 17:48:35
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා දකුණු අප්‍රිකාවේ ‘The Star’ , ‘Cape Times’, ‘The Mercury’ යන පුවත්පත් හා එර‍ට ස්වාධීන මාධ්‍ය ආයතනවල වෙබ් අඩවි ඔස්සේ සිය අත්සන සහිත ලිපියක් පළ කරයි. එම ලිපිය අද(21) පළ කර ඇත්තේ ජනාධිපතිවරයා බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයන්ගේ 15වැනි හමුව සහ දකුණු අප්‍රිකාවේ සිදු කරන නිල සංචාරය සඳහා Johannesburg නගරය බලා පිටත් වීමට සමගාමීවය. ‘චීන දකුණු අප්‍රිකානු මිත්‍රත්ව සහයෝගතාවේ නැව සාර්ථක යාත්‍රාවක්’ යන්න එම ලිපියේ තේමාවය.

මෙය තමා දකුණු අප්‍රිකාවේ සිදු කරන හය වැනි සංචාරය බවත් එම සෑම වරකම වෙනස්ව දැනුන නමුත් ‘සහෝදරත්වය’ සේ දෙරටේ මිත්‍රත්වය හැම විටම දැනෙන බවත් ෂී ජින්පිං මහතාගේ එම ලිපියේ සඳහන් කරයි. චීන දකුණු අප්‍රිකානු සම්බන්ධතාව ඉහලින් අගය කරන ඔහු ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ‘ස්වර්ණමය යුගයට’ පිවිස තිබෙන බවත් එය ද්විපාර්ශ්වික පරාසය ඉක්මවා වඩාත් වැදගත් ගෝලීය බලපෑමකින් යුක්ත සම්බන්ධතාවයක් බවට පත් වී ඇති බවත් ප්‍රකාශ කරයි.

දෙරට එකිනෙකාගේ තත්ත්වයට ගැලපෙන නවීකරණ මාර්ගය ගවේෂණය කිරීමට එකිනෙකාට සහාය විය යුතු බවද ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දෙයි. සමගිය හා සහයෝගතාව පිළිබඳ මෙහෙයවන්නන් ලෙස කටයුතු කරමින් උපායමාර්ගික ගැලපීම පුළුල් කිරීමටත් යටිතල පහසුකම් සංවර්ධනය, ඩිජිටල් ආර්ථිකය, අති නවීන තාක්ෂණය, බලශක්ති ප්‍රතිව්‍යුහගත කිරීම යනාදිය අතින් සහයෝගතා පුළුල් කිරීමටත් උත්සාහ දැරිය යුතු ය. චීන-අප්‍රිකානු මිත්‍රත්වයේ උරුම කරුවන් ලෙස කටයුතු කරමින් සංස්කෘතික හා තරුණ පරපුර අතර අදහස් හුවමාරු ඉදිරියට මෙහෙයවිය යුතුය. පොදු ප්‍රතිලාභ පොදුවේ ආරක්ෂා කරමින් ජගත් කටයුතු තුළදී සංවර්ධනය වෙමින් පවතින රටවල කතා කිරීමේ අයිතිය හා බලපෑම් ශක්තිය වර්ධනය කිරීමට වෑයම් දැරිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.

අප්‍රිකානු රටවල නායකයින් සමග එක්ව වඩාත් සක්‍රීය, ඵලදායි, අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන පියවර අප්‍රිකාවේදී ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටියි. අප්‍රිකානු රටවල් හා අප්‍රිකානු සංගමය ජාත්‍යන්තර හා කලාපීය කටයුතු තුළදී වඩාත් වැදගත් මෙහෙවර ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම