මත්ද්‍රව්‍ය උවදුර පාලනයට අසල්වැසි රටවල බුද්ධි අංශ සහාය
2023-08-21 16:10:40
Share with:

මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීමේ වැඩ පිළි‍වෙල සඳහා අසල්වැසි රටවල බුද්ධි අංශවල සහයෝගය ලබා ගන්නා බව පොලීසිය පවසයි.

එම පාලන ක්‍රමවේද පිළිබඳ කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී මේ බව ප්‍රකාශ කෙරිණ.

ශ්‍රී ලංකා පොලීසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ඊට කැඳවා තිබූ අතර මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මෙම අංශ ගෙන ඇති පියවර පිළිබඳ  එහිදී සාකච්ඡා වී තිබේ.

එම කමිටුවේ සභාපති අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා සඳහන් කළේ මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම