ජනාධිපතිවරයා හා සිංගප්පූරු ජනාධිපතිනිය අතර හමුවක්
2023-08-21 16:26:41
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පුරු ජනාධිපති හලීමා යාකොබ් මහත්මිය සමග සාකච්ඡාවක නිරත වෙයි.

සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා අද (21) පෙරවරුවේ එරට ජනාධිපතිවරිය හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් සහ ආරක්ෂක අමාත්‍ය නෙං එං හෙන් සහ පරිසර අමාත්‍ය ග්‍රේස් ෆූ හායි යෙන් යන මහත්ම මහත්මීන් සමගද සාකච්ඡා කිරීමට නියමිතය.

දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලට අමතරව පැරිස් ගිවිසුමට අනුව කාබන් හර කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අත්සන් තැබීමට නියමිතව තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම