‘ෂී ජින්පිං ප්‍රිය කරන උපමා’විශේෂ වැඩසටහන අප්‍රිකාවේ විකාශය ඇර‍ඹේ
2023-08-21 09:45:17
Share with:

ෂී ජින්පිං ප්‍රිය කරන උපමානමැති විශේෂ වැඩසටහනේ දෙවැනි මාලාව අප්‍රිකාවේ විකාශය ඇර‍ඹේ.

, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා BRICS රටවල රාජ්‍ය නායකයන්ගේ 15 වැනි හමුවට සහභාගි වීම සහ දකුණු අප්‍රිකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පිටත්වීම නිමිත්තෙනි. චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරනු ලැබූ එම වැඩසටහන් එළිදැක්වීමේ උළෙල ඊයේ(20) දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හිදී පැවැත්විණ. එම දෙවන මාලාවට ඉංග්‍රීසි, ප්‍රංශ, අරාබි, හවුසා සහ ස්වහීලී යනාදී බහුභාෂා අනුවාද ඇතුළත් වේ. මෙම වැඩසටහන 20වැනි දින සිට අප්‍රිකාවේ රටවල් 38ක ප්‍රධාන මාධ්‍ය 62ක විකාශය කෙරේ.

දකුණු අප්‍රිකාවේ අප්‍රිකානු ජාතික සම්මේලනයේ සභාපති, උප ජනාධිපති Paul Mashatile මහතා සහ ජාතික සභාවේ නියෝජ්‍ය කථානායක Lechesa Tsenoli මහතා වැඩසටහනේ දෙවැනි මාලාව අප්‍රිකාවේ විකාශය කිරීමට පිළිවෙළින් ලිඛිත හා වීඩියෝ සුබ පැතුම් පිරිනමා ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, දකුණු අප්‍රිකාවේ ජනාධිපති මන්දිරයේ කාන්තා, තරුණ හා ආබාධිත වූවන් සඳහා වන දෙපාර්තමේන්තුවේ අමාත්‍ය Nkosazana Clarice Dlamini-Zuma මහත්මිය සහ දකුණු අප්‍රිකාවේ චීන තානාපති Chen Xiaodong මහතා ඇතුළු දෙපාර්ශ්වයේ නිලධාරීහූ එම උළෙලට සහභාගි වී දේශන පැවැත්වූහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම