වියළි කාලගුණයෙන් පවුල් ලක්ෂ දෙකක‍ට අධික පිරිසක‍ට පීඩා
2023-08-21 16:06:34
Share with:

දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් පවුල් හැටදහස් නවසිය අසූඅටකට අයත් පුද්ගලයින් දෙලක්ෂ දසදහස් හත්සිය අනූ දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි රහිත කාලගුණයක් පවතින බවයි.

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් වගා බිම් රැසක් විනාශයට පත්ව ඇති අතර පානීය ජල ගැටලුවක් ද මතුව තිබේ.

ඒ හේතුවෙන් වගා හානි වන්දි ලබාදීම සඳහා අදාළ තක්සේරු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

බොහෝ ප්‍රදේශවලට පානීය ජලය ලබාදීමේ ගැටලුවක් මතුව ඇති බැවින් කඩින් කඩ ජලය නිකුත් කිරීම සිදුකෙරෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම