චීන මාධ්‍ය සමූහය අප්‍රිකාවේ මාධ්‍ය වාර්තාකරණ ක්‍රියාකාරකම් මාලාවක් වෙනුවෙන් ගිවිසුම් ගතවෙයි
2023-08-21 16:48:38
Share with:

 චීන මාධ්‍ය සමූහය සහ අප්‍රිකානු විකාශන සංගමය, දකුණු අප්‍රිකානු ගුවන් විදුලි සංස්ථාව ඇතුළු අප්‍රිකානු රටවල ප්‍රධාන මාධ්‍ය ආයතන රැසක් සමඟ සහයෝගීතා ගිවිසුම්වලට එළඹෙයි. 

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයන්ගේ 15වැනි හමුවට සහ දකුණු අප්‍රිකාවේ සිදු කරන නිල සංචාරයට සමගාමීව එම මාධ්‍ය සහයෝගතා සඳහා ගිවිසුම්ගතවීම සිදුවිය.

අදාළ අත්සන් තැබීමේ උත්සවය ඊයේ (20)දකුණු අප්‍රිකාවේ  Johannesburg හිදී පැවැත්විණ. 

දකුණු අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නියෝජ්‍ය කථානායක Solomon Lechesa Tsenoli මහතා මාර්ගගතව එම උත්සවයට එක්විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong ,දකුණු අප්‍රිකාවේ ජනාධිපති මන්දිරයේ කාන්තා, යෞවුන් හා ආබාධිතයන් පිළිබඳ අමාත්‍ය Nkosazana Dlamini-Zuma, දකුණු අප්‍රිකාවේ චීන තානාපති Chen Xiaodong , අප්‍රිකානු විකාශන සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් Grégoire Ndjaka යන  මහත්ම මහත්මීහූ එම උත්සවයට එක්වූහ.  

චීන මාධ්‍ය සමූහය අප්‍රිකානු මාධ්‍ය ආයතන සමග එක්ව“ චීන ලක්ෂණ සහිත නවීකරණය” , “එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල යටතේ චීන-අප්‍රිකා සහයෝගීතාව” යන මාධ්‍ය වාර්තාකරණ ක්‍රියාකාරකම් මාලාවක් සිදු කරනු ඇත.අප්‍රිකානු මාධ්‍ය හවුල්කරුවන් සමඟ එක්ව සාධාරණ යුක්තිගරුක මෙන්ම සක්‍රීය සෞභාග්‍යවත් ගෝලීය මහජන අදහස් දැක්වීමේ පරිසරයක් ගොඩනැගීමට කටයුතු කරන බව Shen Haixiong මහතා එහිදී ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම