අගමැති සහ වියට්නාම නායකයෙකු අතර හමුවක්
2023-08-20 16:18:45
Share with:

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වියට්නාම කොංග්‍රසයේ උපසභාපති ට්‍රාන් ලු ක්වාං මහතා හමුවෙයි. කුන්මිං නුවර පැවැත්වෙන හත් වැනි චීන - දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහභාගි වීම සඳහා චීනයට පැමිණ සිටින අග්‍රාමාත්‍යවරයා එහිදී  මෙම හමුවට එක් ව තිබේ.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දැනට පවතින හවුල් ව්‍යාපාරවලට අමතරව නව වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර පිළිබඳව සොයා බලන ලෙස අගමැතිවරයා මෙහිදී කළ ඉල්ලීමට වියට්නාම කොංග්‍රස උප සභාපතිවරයා එකඟතාව පළකර ඇත.

වියට්නාම ආයෝජන යටතේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් වෘත්තිකයන්ට සහ පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා උදා වනු ඇති බව ද අගමැතිවරයා එහිදී පැවසීය. තේ, පොල්, රබර් සහ ධීවර, විකල්ප බලශක්ති සහ පතල් කැණීම්, කෘෂිකර්මාන්තය හා සංචාරක යන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව පුළුල් කිරීම කෙරෙහි මේ සාකච්ඡාවේ පූර්ණ අවධානය යොමුවිය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම