සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් සමග රට ඉදිරියට ගෙන යන බව ජනපති කියයි
2023-08-20 16:13:27
Share with:

මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්‍රමුඛ ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී. වැදගත් තීරණ රැසක් ගනිමින් රජය එහි ප්‍රවර්ධනය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇතැයි ද හෙතෙම පවසයි.

එහිදී රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද උපරිම දායකත්වය ලබාගැනෙනු ඇත. සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනයට දායක වන සියලු පාර්ශ්වයන්ට පහසුකම් සලසා දීමට රජය කටයුතු කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ  හිල්ටන් හෝටල් සමූහයේ අතිසුඛෝපභෝගී නවතම හෝටලය වන හිල්ටන් යාල රිසෝර්ට් විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (19) පස්වරුවේ එක්වෙමිනි.

දෛනිකව දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන අතර ඔවුන් ඉලක්ක කර ගනිමින් එම කලාපය පුළුල් සංවර්ධනයකට ලක් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සංචාරක කර්මාන්තයේ ඉලක්ක ඉටුකර ගැනීමේ දී කෙටිකාලීන ආදායම් මාර්ග වෙනුවෙන් සම්පත් යෙදවීමට බලාපොරොත්තු  වන බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම