"ආසියාවේ කුඩා නේටෝව" ගොඩනැගීමේ ඇමරිකානු ප්‍රයත්නය සාර්ථක වේ ද?
2023-08-20 20:45:03
Share with:

පළමු ඇමරිකානු-ජපාන-දකුණු කොරියානු සමුළුව CampDavid හි දී ඊයේ (19) අවසන් විය. ධවල මන්දිර වෙබ් අඩවියේ තොරතුරුවලින් පෙන්නුම් කෙරෙන්නේ,  මාධ්‍ය හමුවේ දී පමණක් එම රටවල් තුනේ නායකයන් "චීනය" යන්න 17 වතාවක් සඳහන් කර ඇති බවයි. එම සමුළුව විසින් නිකුත් කරන ලද ප්‍රකාශ තුන, තායිවාන සමුද්‍ර සන්ධිය සහ දකුනු චීන මුහුද වැනි යෝජනා හුවාදක්වමින්, ඊනියා "තර්ජනවලට ප්‍රතිචාර දැක්වීමට" විවිධ පාර්ශ්ව පොළඹවා ඇත. එසේම එමගින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ද විවෘත ලෙස මැදිහත් ව ඇත.

ඇමරිකාව මෙවර තම අනුගාමිකයන් මෙන්ම තම "ආසියාතික බාල සොයුරන්"  බඳු ජපානය සහ දකුණු කොරියාව CampDavid වෙත කැඳවූයේ කුමක් නිසා ද?  ඇමරිකාවේ අභිප්‍රාය වෙන කිසිවක් නොවේ. කෙටිකාලීනව හෝ එක් පියවරකින් "ආසියාතික නේටෝවක්" ගොඩනැගිය නොහැකි බව ඇමරිකාව දනී. ඔවුන්ගේ අරමුණ වන්නේ විශේෂ රාජ්‍යතාන්ත්‍රික අනුග්‍රහය තුළින් ජපානය සහ දකුණු කොරියාව ජයගැනීම සහ ඊනියා "ඉන්දු-ශාන්තිකර උපායමාර්ගය" ප්‍රවර්ධනය කිරීම යි. එසේ නම්, මෙවර සමුළුව සැබැවින්ම ඇමරිකාවට "ආසියාවේ කුඩා නේටෝව" ගොඩනැගීමේ ඉලක්කය සපුරා ගැනීමට උපකාර කරනු ඇද්ද?

ධවල මන්දිර වෙබ් අඩවිය අනුව, උපදේශන යාන්ත්‍රණයක් පිහිටුවීම සහ ආරක්ෂක සහයෝගිතාව ශක්තිමත් කිරීම  සමුළුවේ ප්‍රතිඵල ලේඛනයට ඇතුළත් වේ. එහි බොහෝ අදහස් ඇතත් නිශ්චිත ක්‍රියාමාර්ග හෝ සැලසුම් දැකිය නොහැකිය. ඊට සහභාගි වන රටවල් වන ජපානය සහ දකුණු කොරියාව ඇමරිකාවේ සන්ධාන රටවල් වේ. එහෙත් සැබැවින්ම, මේ රටවල් තුන අතර පවා විසඳා ගැනීමට අපහසු ගැටුම් පවතී.

මීට අමතරව, ඇමරිකාව සහ දකුණු කොරියාව අතර අමනාපයක් ද ඇත. ඇමරිකාව විසින් සම්මත කරන ලද "චිප් සහ විද්‍යා පනත" සහ "උද්ධමනය අඩු කිරීමේ පනත" මගින් දකුණු කොරියාවේ අර්ධ සන්නායක සහ නව බලශක්ති වාහන කර්මාන්ත කෙරෙහි විශාල බලපෑමක් එල්ල වී තිබේ. මෙම කර්මාන්ත දකුණු කොරියාවේ ආර්ථිකයේ ජීවනාලිය ද වේ.

ඇමරිකාව , ජපානය සහ දකුණු කොරියාව Camp David හි දී සහයෝගිතාව පිළිබඳව කතා කර ඇතත්, ඇත්ත වශයෙන්ම ආසියා-ශාන්තිකර කලාපයේ අර්බුදයක් ඇතිකිරීම ඔවුන්ගේ අරමුණ යි. සැබෑ සාමයට ආදරය කරන රටවල් සහ කලාපීය ජනතාව මේ අරමුණට එරෙහි ව අධිෂ්ඨානශීලී ව පෙළගැසෙනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම