දකුණු අප්‍රිකානු ජාතික සභාවේ නියෝජ්‍ය කථානායක සහ චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් අතර හමුවක්
2023-08-20 14:55:44
Share with:

දකුණු අප්‍රිකානු ජාතික සභාවේ නියෝජ්‍ය කථානායක Hon. Lechesa Tsenoli මහතා  චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස හමුවෙයි. එම හමුව කේප් ටවුන් අගනුවර දී ඊයේ (19) සිදුවිය.

චීන මාධ්‍ය සමූහය අප්‍රිකාවේ විශාලතම සජීව විකාශන චන්ද්‍රිකා වේදිකාව වන MIH සමූහය සමඟ සහයෝගිතා ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී සිය සුබ පැතුම් පිරිනැමීය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ දකුණු අප්‍රිකානු සංචාරය පිළිබඳව එරට ජනතාව අපේක්ෂා සහගතව බලා සිටින බවත්, සහෝදර මෙන්ම මිත්‍රශීලී සබඳතාවක් ඇති දකුණු අප්‍රිකාව සහ චීනය වඩා පුළුල් ක්ෂේත්‍රවල සහයෝගිතා ප්‍රතිඵල නිසැකව ම ලබා ගනු ඇති බවත් හෙතෙම කියාසිටියේය.

Shen Haixiong මහතා මෙහිදී පැවසුවේ, දකුණු අප්‍රිකානු ජාතික සභාව සමඟ මානව හුවමාරු හා සහයෝගිතා ශක්තිමත් කොට දෙරට ජනතාව අතර මිතුදම පුළුල් කිරීමට චීන මාධ්‍ය සමූහය බලාපොරොත්තු වන බව යි.

MIH සමූහය සහ චීන මාධ්‍ය සමූහය අතර සහයෝගිතා ගිවිසුමකට ද අත්සන් තැබිණ. එම ගිවිසුම අනුව, අප්‍රිකානු රටවල් 50 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරමින් CCTV චීන භාෂා ජාත්‍යන්තර නාලිකාව (CCTV-4), CGTN ඉංග්‍රීසි සහ CGTN ප්‍රංශ යන නාලිකා අප්‍රිකාවේ විකාශය කිරීම සඳහා චීන මාධ්‍ය සමූහයේ අවසරය හිමිවෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම