විදුලි වාහන සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක්
2023-08-20 16:54:40
Share with:

විදුලි වාහන සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් එළිදක්වන බව කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පවසයි. කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව එය සකස් කෙරෙනු ඇත.

කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික කර්මාන්ත සංවර්ධන උපදේශක කමිටු සාමාජික ගාමිණී රණසිංහ මහතා මේ බව පැවසීය. ඒ අනුව, විදුලි වාහන ප්‍රතිපත්තිය සකසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, පනතක් බවට පත්කිරීම ඉදිරියේ දී සිදු වනු ඇත.

විදුලි වාහන එකලස් කිරීම, නිෂ්පාදනය සහ ආනයනය සම්බන්ධයෙන් වන පිරිවිතර සහ නිර්ණායක නව ප්‍රතිපත්තියට ඇතුළත් කෙරෙනු ඇත. එමෙන්ම විදුලි වාහන ක්ෂේත්‍රය නියාමනය සඳහා නියාමන අධිකාරියක් ස්ථාපනය කිරීමට ද නියමිත ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම