චීන ජනපතිගේ දකුණු අප්‍රිකානු සංචාරය පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඉහළ අපේක්ෂා
2023-08-20 15:37:40
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, හෙට (21) සිට 24 වැනි දා දක්වා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ පැවැත්වෙන BRICS රටවල රාජ්‍ය නායකයන්ගේ 15 වැනි හමුවට සහභාගි වෙයි. ඊට සමගාමී ව හෙතෙම දකුණු අප්‍රිකාවේ නිල සංචාරයක ද නිරත වනු ඇත.

ෂී ජින් පිං මහතාගේ මෙම දකුණු අප්‍රිකානු සංචාරය කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අවධානය යොමුව තිබේ. එය නිසැකවම චීන-දකුණු අප්‍රිකා විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ඉහළ මට්ටමකට රැගෙන යනු ඇතැයි විශ්වාස කරන බව, විවිධ ක්ෂේත්‍රවල විදේශිකයන් ප්‍රකාශ කර තිබේ.

රුසියාවේ Saint Petersburg රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්යවරියක පැවසුවේ, මෙවර BRICS සමුළුවේ දී ජනාධිපති ෂී ජින් පිං මහතා පවත්වන දේශනයට සවන් දීමට තමා ඉතා ආශාවෙන් බලා සිටින බවයි. BRICS සහයෝගිතාව සහ ගෝලීය පාලනය ශක්තිමත් කිරීම සඳහා වැදගත් මගපෙන්වීමක් ඉන් ලබා ගත හැකිවනු ඇතැයි ද ඇය සඳහන් කළා ය.

බ්‍රසීලයේ Sao Paulo රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේ, ජනාධිපති ෂී ජින් පිං මහතා පැහැදිලි කරන සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම, ජාත්‍යන්තර සබඳතා ප්‍රජාතන්ත්‍රීකරණය වැනි චීනයේ සැලසුම් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව  කැමැත්තෙන් සිටින බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම