මෙරට වත්මන් සංවර්ධනයන් පිළිබඳව විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයෝ දැනුවත් කෙරෙති
2023-08-19 19:05:20
Share with:

ශ්‍රී ලංකාවේ වත්මන් සංවර්ධනයන් පිළිබඳව විදෙස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු දැනුවත් කෙරෙති.  විදේශ කටයුතු අමාත්‍යංශය විසින් එම වැඩසටහන සංවිධාන කරනු ලැබීය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා,  ශ්‍රී ලංකාවේ වත්මන් සංවර්ධන තත්ත්ව පිළිබඳව එහිදී විග්‍රහ කළේය.  මෑතකාලීන මූල්‍ය ස්ථායීකරණ ක්‍රියාමාර්ග, ආර්ථික ප්‍රතිසාධනය සහ වර්ධනය සඳහා ගෙන ඇති පියවර මෙන්ම දූෂණ විරෝධී පනත සම්මත කිරීම ඇතුළු ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ සහ යෝජිත ත්‍රස්ත විරෝධී පනත ඇතුළු ප්‍රධාන කරුණු සියල්ල අමාත්‍යවරයා විසින් විස්තර කරනු ලැබීය.

2023 අගෝස්තු 9 වන දින 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේ වැදගත් කරුණු අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලද අතර දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් හි ප්‍රගතිය ද ඉදිරිපත් කෙරිණ. කොළඹ පදනම් කරගත් එක්සත් ජාතීන්ගේ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල මහ කොමසාරිස්වරු සහ තානාපතිවරු මීට සහභාගි වූහ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම