න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමේ දිනය පිළිබඳ ජපාන රජයේ තීරණය ලබන 22 වැනිදා
2023-08-19 16:02:37
Share with:

ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida මහතා, ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතික ධීවර සමුපකාර සංවිධාන සම්මේලනයේ සහ ෆුකුෂිමා කෝරළයේ ධීවර සම්මේලනයේ නිලධාරීන් හමුවීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.   එම හමුව ලබන 21 වැනිදා ටෝකියෝ අගනුවර දී පැවැත්වෙනු ඇති බව ජපානයේ Asahi Shimbun පුවත්පතේ දැක්වේ. එහිදී අග්‍රාමාත්‍යවරයා ඊනියා "පිරිසිදු කරනු ලැබූ ජලය" හානිකර නොවන බව පැහැදිලි කර ඒවා මුහුදට මුදාහැරීම පිළිබඳව සහයෝගය ලබා ගැනීමට උත්සාහ දරනු ඇත.

එම හමුවේ ප්‍රතිචාර අනුව, න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරෙන වේලාව තීරණය කිරීම සඳහා, ජපාන රජය විශේෂ කැබිනට් රැස්වීමක් හැකි පළමු අවස්ථාවේම, එනම් ලබන 22 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම