හවායි ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 114 දක්වා ඉහළට
2023-08-19 16:02:54
Share with:

හවායි  හි ලැව්ගිනිවලින් මිය ගිය සංඛ්‍යාව දිගින් දිගටම ඉහළ යමින් පවතී. නිසි වේලාවට අනතුරු ඇඟවීමේ සයිරන් නලා නාද කළේ නම්,  නූතන ඇමරිකානු ඉතිහාසයේ සිදුවූ මෙම බරපතලම ඛේදවාචකය යම් තරමකින් හෝ වළක්වා ගත හැකි ව තිබුණේ ද යන්න පිළිබඳ මතභේදය වේ වනවිට උණුසුම් ව තිබේ.

Maui දිවයිනේ ලැව්ගිනි ආරම්භ වූයේ ඉකුත්  අගෝස්තු 8 වැනිදා යි. 17 වැනිදා වනවිට පුද්ගලයන් 114 දෙනෙකු එම විපතින් මියගිය බව වාර්තා විය. අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් අතරතුර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

Maui දිවයිනේ ජනතාව කියාසිටියේ, ලැව්ගිනි හටගත් විට තමන් එම ස්ථානවලින් ඉවත් කිරීමට පියවර නොගැනුණු බවයි. එසේම, එහි ස්ථාපනය කර ඇති අනතුරු ඇඟවීමේ සයිරන් නලා 80 න් කිසිවක් නාද නොවූ බවත් ඔවුහු කියාසිටිති. ආපදාවට පෙර අදාළ පද්ධතිය සක්‍රිය නොකීරීම නිසා Maui ප්‍රාන්තයේ හදිසි කළමනාකරණ ඒජන්සිය, දැඩි විවේචනවලට මුහුණ පා සිටී. ඒජන්සියේ ප්‍රධානියා වන Herman Andaya 17 වැනිදා ඉල්ලා අස්වූයේ ද මෙම දැඩි විවේචන හමුවේ යි. එහෙත්, තම ඉල්ලා අස්වීම සඳහා ඔහු ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍යමය හේතු බව Maui කෝරළයේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම