වියළි කාලගුණයෙන් අක්කර 39,000 ක වගාබිම්වලට හානි
2023-08-19 17:07:50
Share with:

රට තුළ පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වගාබිම් අක්කර 39,000 කට ආසන්න ප්‍රමාණයකට හානියක් සිදු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

සමීක්ෂණ කටයුතු අවසන් වන විට, එම ප්‍රමාණය අක්කර 50,000ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. කෙසේවෙතත් ගොවි ජනතාව වෙනුවෙන් සහනාධාර ලබා දීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර තිබේ.

පවතින තත්ත්වය හේතුවෙන් ඉතිහාසයේ වැඩි ම වන්දි මුදල ගෙවන අවුරුද්ද බවට මේ අවුරුද්ද පත්වීමට ඉඩ ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම